ආනයනික ටින් මාළු බද්ද ඉහළට

ආනයනික ටින් මාළු බද්ද ඉහළට

ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ආනයනික ටින් මාළු සඳහා මීට පෙර රුපියල් 100ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 200ක් දක්වා ඉහළ යන බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම බදු සංශෝධනය පසුගිය සිකුරාදා සිට බලාත්මකයි.

මේ අතර 2023 වසරේ අයවැයට පෙර ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛණයට අදාලව ලබන 13 වනදායින් පසු ඉදිරිපත් කෙරෙන බදු සංශෝධන මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.