රැකියා ඉල්ලා උපාධිධාරීන් පාරට එයි

පාර්ලිමේන්තුව වටරවුම පිහිටා ඇති දියත උයන ඉදිරිපිට දී අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් මේ වන විට පවත්වනවා.
තමන්ට නියමිත පරිදි රැකියා අවස්ථා ලබාදෙන ලෙසටයි ඔවුන් සිය විරෝධතාව පවටත්වන්නේ.
මේ සම්බන්ධයෙන් ද අද පෙරවරුවේ විපක්ෂ නායකවරයා මැතිසබයේ දී අදහස් පළ කළ අතර ඔහුට අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් සහ රැකියා විරහිත උපාධිධාරීන් ලබා දුන් ලියවිල්ලක් ද හෙතෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඇති වූ දුර්වලතා හේතුවෙන් මේ වනවිට විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබා අවසන් කළ උපාධිධාරින් හට රැකියා අවස්ථා අහිමි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු සඳහන් කළේ, දිය යුතු ම සහ ලැබිය යුතුම සුදුස්සන් 465 දෙනෙකුට මේ වනවිට දෙන්නම් කාසිවලට මග බලා සිටීමට සිදුව ඇති බවයි විපක්ෂ නායක වැඩි දුරටත් කියා සිටියේ

