ලංකාවේ පුංචි කොල්ලෙක් සරසවි වරම් දිනයි

කඩවත මාවරමංඩිය නැණමල් විදුහලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දෙව්ම් සනහස් රණසිංහ සිසුවා වාණිජ අංශයෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගෙන තිබෙනවා.
8 වන ශ්‍රේණියේ දී අපොස සාමාන්‍ය පෙළ ලියා ඉන් මාස 6කට පසුව 9 වන ශ්‍රේණියේ දී උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා ගැනීමට දෙව්ම් සමත් වුණා.
ඒ අනුවයි ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබා තිබෙන්නේ.
දෙව්ම් ව පිළිගැනීමේ උත්සවයක් අද (05) දින එම විද්‍යාල භූමියේ දී පැවැත්වුණ අතර එහිදී දෙව්ම පිළිගනු ලැබුවේ රිය පෙරහැරකිනි.
පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දෙව්ම් ගුරුකුල විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර, එතැන් සිට අද දක්වා ම නැණමල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබෙනවා.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන දෙව්ම්ගේ දෙමාපියන් ද ගුරුවරුන්.


