රට ඉදන් එන අයට පනවා තිබූ කොරෝනා නීති ඉවත් කෙරේ

රට ඉදන් එන අයට පනවා තිබූ කොරෝනා නීති ඉවත් කෙරේ

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ එන්නත් කරන සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා නීති ඉවත් කර තිබෙනවා.

අද (07) සිට එය වලංගු වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව එන්නත්කරණය නොකළ පුද්ගලයෙකු මෙරටට පැමිණිමේ දී පැය 72කට පෙර කොරෝනා පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමේ රෙගුලාසිය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS