අම්මලා සමඟ දරුවන් 27ක් බන්ධනාගාරයේ – ඩලස් අලහප්පෙරුම

අම්මලා සමඟ දරුවන් 27ක් බන්ධනාගාරයේ – ඩලස් අලහප්පෙරුම

බන්ධනාගාරගතව සිටින මව්වරුන් සමඟ බිලිඳු දරුවන් 27දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී පැවැති අයවැය විවාදයට එක්වෙමින්.

මේ පිරිස අතර බිලිඳුන් 13දෙනකු ද, බිලිඳියන් 14දෙනකු ද සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එමෙන්ම බන්ධනාගාර රැඳවියන් 90,362දෙදෙනකු අතරින් උපාධිධාරීන් 189ක් සිටින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.