සෙලෙන්ස්කි ඉදිරි ආරක්ෂක වළල්ලට

යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි එරට ඩෝනේට්ස්ක් කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එම කලාපය, රුසියානු පාලන බලයෙන් නිදහස් වීමෙන් අනතුරුවයි, චාරිකාව සිදු කෙරුණේ. එහි සිටින යුක්රේන හමුදා සාමාජිකයින් සහ ජනතාව මුණගැසීම එහි අරමුණයි.
මෙම කලාපය රුසියාවේ පුටින් ජනාධිපතිවරයාගේ අත්සනින් එරටට ඈදාගෙන තිබූ නමුත්, යුක්රේන ප්‍රතිප්‍රහාර හේතුවෙන්, රුසියානු හමුදාවට එම කලාපයේ බලය තහවුරු කරගැනීමට නොහැකි වුණා. යුක්රේන ජනාධිපතිවරයා ඩෝනේට්ස්ක් කලාපයේ බක්මුට් නගරය අවට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. ඔහු පැවසුවේ, ඩෝනේට්ස්ක් කලාපය පමණක් නොව මුළුමහත් රාජ්‍යයම ආරක්ෂා කිරීම මහත් අභියෝගයක් බවයි.
රුසියාව, බලහත්කාරයෙන් ඈදාගත් ක්රිමියාව ඇතුළු සියලුම යුක්රේන භුමි ප්‍රදේශ යළි අත්පත් කර ගැනීම තම අභිප්‍රාය බවයි, ඔහු ප්‍රකාශ කළේ. කෙසේවෙතත්, ඊයේ දින ද මෙම කලාපයට රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බව, කලාප ආණ්ඩුකාරවරයා පවසනවා. ඉන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.


