යළි මාස්ක් පළඳින්න – වායු දූෂණය හේතුවෙන් මේ අය ගොඩක් පරිස්සම් වෙන්න

යළි මාස්ක් පළඳින්න – වායු දූෂණය හේතුවෙන් මේ අය ගොඩක් පරිස්සම් වෙන්න

මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින්නැයි වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බව පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙයි.

“මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා.

දැනට වාර්තාවෙලා තියෙන ආකාරයට ප්‍රධාන නරගවල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යානපය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගරවල.

මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි.

ඒ වගේම මේ වගේ අවස්ථාවකදී මුඛ ආවරණයක් දැමීම වැදගත් වෙනවා.”

උතුරු – නැගෙනහිර ප්‍රදේශවල පවතින සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලා ඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් පේමසිරි මහතා සඳහන් කළේ.

ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතුවෙන් මෙරට තුළ ද වායු දූෂණයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවයි ඒ මහතා පැවසුවා.

මේ හේතුවෙන් එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කොළඹ, මන්නාරම, වව්නියාව, කෑගල්ල සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්කවලට බව සඳහන්.