රට බංකොලොත් කළ අය ගැන සොයන්න තේරීම් කාරක සභාවක්

රට බංකොලොත් කළ අය ගැන සොයන්න තේරීම් කාරක සභාවක්

රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත් පර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කර සිටියා.

එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවයි.

අද (08) ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින්.

COMMENTS