මහින්ද, ජොන්ස්ටන් ඇතුළු පිරිසකට නොතීසි

මහින්ද, ජොන්ස්ටන් ඇතුළු පිරිසකට නොතීසි

පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර පැවති ගෝඨාගෝගම අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කළා.

ඒ මෙමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කරමින්.

ඒ අනුව ලබන වසරේ ජුනි 22 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතරව මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණු පිරිසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ද ඇතුළත්.