ශිෂ්‍යත්ව උපකාරක පන්ති 14න් පසු බෑ

ශිෂ්‍යත්ව උපකාරක පන්ති 14න් පසු බෑ

ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ , ලබන 18 වැනිදා පැවැත්වෙන 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ , දේශන , වැඩමුළු පැවැත්වීම සහ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වනු ඇති.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් , බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන මහතා සඳහන් කළේ ය.

COMMENTS