බිතරයක් රුපියල් 50 කට දෙන්න පුළුවන් – බිත්තර නිෂ්පාදකයින්

බිත්තරයක් රුපියල් 50 ක මිලට ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් සඳහන් කළ බව වෙළඳ,වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.
ඊයේ පැවති සාකච්ඡාවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
සත්ත්ව ආහාරවල මිල ගණන් පහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙන බවත් ඉදිරියේදී තවදුරටත් සත්ත්ව ආහාර මිල පහළ යනු ඇති බවත් එහිදී විෂයභාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී අඩු පොලී අනුපාතිකයක් යටතේ බිත්තර නිෂ්පාදකයින්ට සිය පිරිවැය අවම කර ගැනීමට හැකි පරිදි ණය මුදලක් ලබාදීමට ද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

