පුළුවන් නම් මාව පරද්දන්න – නාමල්ගෙන් අරගලකරුවන්ට අභියෝගයක්

රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා රට විනාශ නොකර හැකි නම් මීළඟ මහා මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරමින් තමා පරාජය කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අරගලකරුවන්ට අභියෝගයක් කරනවා.
යු ටියුබ් නාලිකාවන් සමඟ පැය එකහමාරකට ආසන්න කාලයක් සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.
රටක ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියෝජිත ප්රජාතන්ත්රවාද තුළ මැතිවරණයට ඉදිරිපත් වී ජනතා ඡන්දයෙන් රටක පාලන බලය ලබාගත යුතු බව පෙන්වා දෙන ඒ නාමල් රාජපක්ෂ එසේ නොකර අරගල කිරීම තුළින් රට අරාජික කිරීම සමාන වන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය රටට කළ හානියම බවද පෙන්වා දෙයි.
කොවිඩ් ලෝක වසංගතය සමඟ පැවැති ලෝක ආර්ථීක අර්බුදයට මුළු ලෝකයම මුහුණ දී එම අභියෝගයෙන් ගොඩ ඒමට උත්සාහ කරන අවස්ථාවේ දී මෙරට අරගල සිදුකරමින් ඇතැමුන් උත්සාහ ගත්තේ ඔවුන්ට ජනතා බලයෙන් ගත නොහැකි ආණ්ඩු බලය රට අරාජික කොට ලබාගැනීමට බවත් ඊට ඉඩ ප්‍රස්ථාවක් නොලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
සංචාරකයන් මෙරටට පැමිණීම නවතාලීම සඳහා සිදුකරනු ලබන අරගල සිදුකරන්නේ කා වෙනුවෙන් ද ? කියා ද ? නාමල් රාජපක්ෂ විසින් මෙහිදී අරගලකරුවන්ගෙන් ප්‍රශ්න කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයෙන් ඉවත් වූ පසුව විකල්පයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අරගලකරුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බව සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්නාකම නිසා වියහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
රාජපක්ෂවරුන් එදා සිටම අද දක්වාත්, අනාගතයේදීත් මේ රටට හා පොදු මහ ජනතාවට බෙහෙවින්ම ආදරය කරන බවත් කිසිවකුට හෝ කිසිදු බලවේගයකට එය නතර කළ නොහැකි බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

