අම්පාර හා මන්නාරම නගර සභා, මහ නගර සභා කිරීමට අනුමැතිය

අම්පාර හා මන්නාරම නගර සභා, මහ නගර සභා කිරීමට අනුමැතිය

දැනට පවතින යටිතල පහසුකම්, කාර්යාල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින් අමතර ප්‍රතිපාදන වැය කිරීමකින් තොරව දිස්ත්‍රික්ක කිහිපයක නගර සභා ලෙස පවතින අගනගර, මහ නගර සභා ලෙස පත්කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්කයන් හී ප්‍රධාන නගර ලෙස පවතින අම්පාර හා මන්නාරම නගර දෙකෙහි අපේක්ෂිත සංවර්ධන කාර්යයන් ඉටු කිරීම පහසු කිරීමට නගර සභා, මහ නගර සභා ලෙස උත්ශ්‍රේණිගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැළකිල්ලට ගනිමින්.