60න් විශ්‍රාම ගැන්වීමේ ගැසට්ටුවට අතුරු තහනම් නියෝගයක්

විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක්, රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (14) අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

