ඉදිරි දින කිහිපයේදී ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩි වෙයි

ඉදිරි දින කිහිපයේදී ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩි වෙයි

දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැඟෙනහිර පළාත්වල වැසි තත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කිහිපය තුළ (17 වැනි දින සිට) අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැඟෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි යි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

COMMENTS