ප්‍රංශය ආජන්ටිනාව සමඟ අවසන් සටනට

ප්‍රංශය ආජන්ටිනාව සමඟ අවසන් සටනට

ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරඟය ජයගත් පසුගිය ශූරයන් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනාවට එරෙහි ව තරග වැදීමට සුදුසුකම් ලැබුවා.

ඒ, දෙවැනි අවසන් පූර්ව තරඟය 2ට 0ක් ලෙස මොරොක්කෝවට පරාජය අත් කර දෙමින්.

තරඟය ආරම්භයේ දී ම ප්‍රංශය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට theo hernández සමත් වුණු අතර, තරගයේ 5 වැනි මිනිත්තුවේ දී ඔහු එම ගෝලය රැස් කළා.

තරඟයේ පළමු අර්ධය නිම වන තුරු දෙපාර්ශවය ම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරග වැදුණ ද එක් කණ්ඩායමකට වත් ගෝලයක් ලබාගැනීමට හැකි වුණේ නෑ.

ඒ අනුව තරඟයේ පළමු අර්ධය නිමා වූයේ 1ට 0ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගනිමින්.

දෙවන අර්ධයේ දී යළි ක්‍රියාත්මක වූ ප්‍රබල ප්‍රංශ ක්‍රීඩකයන් තවත් ගෝලයක් සිය රට ඉදිරියේ සටහන් කිරීමට සමත් වුණා.

ඒ අනුව එළඹෙන ඉරිදා (18) මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇති.

ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරඟයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 6 වැනි වතාවට වන අතර, ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරඟයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 4 වැනි වතාවට යි.