මෙසීගේ තීරණය යළි හරවයි

ලෝක පාපන්දු කුසලානය දිනාගැනීමට ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියට සමු නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
කටාරයේ පැවති අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරඟ කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවයි.
ඒ අනුව ඔහු 2024 වසරේ පැවැත්වෙන කොපා ඇමරිකා තරගයට සහ ඉදිරි ලෝක කුසලාන තරග වලටද සහභාගි වනු ඇති.
35 හැවිරිදි ලියනොල් මෙසී පසුගිය ඔක්තෝම්බර් මාසයේ නිවේදනය කළේ කටාරයේ පැවැත්වෙන අවසන් තරඟයෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරඟවලට සමුදෙන බවටයි.
ලියනොල් මෙසී ප්‍රථම වරට ලා අල්බිසෙලෙස්ටෙ කණ්ඩායමට 2005 වසරේදී තරඟ කළ අතර, ලෝක කුසලාන තරගාවලියකට මුහුණදෙනු ලැබුවේ 2006 වසරේදියි.
ඔහු 2008 වසරේදී ඔලිම්පික් රන් පදක්කමක් ද දිනා ගනු ලැබුවා.




