ගුණා ඇතුළු පාතාල කෙරුමන් 09ක් ඉන්දියාවේ දී අල්ලයි

ගුණා ඇතුළු පාතාල කෙරුමන් 09ක් ඉන්දියාවේ දී අල්ලයි

මෙරට නම ගිය අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කිඹුලාඇලේ ගුණා, පූකුඩුකන්නා,වැල්ලේ සුරංග ඇතුළු නව දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් මෙසේය.

1.කිඹුලාඇළේ ගුණා හෙවත් සී. ගුණසේකරන්‍
2.පූකුට්ටි කන්නා හෙවත් පුෂ්පරාජා‍
3.මොහොමඩ් අස්මින්‍
4.අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා‍‍
5.ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු
6.ලඩියා චන්ද්‍රසේන
7.ධනුෂ්ක රොෂාන්
8.වැල්ලේ සුරංග‍
9.තිලීපන්

‘කිඹුලාඇළේ ගුණා කොළඹ පදිංචිව සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු’ වන අතර පකිස්ථාන ජාතික හජි සලීම් නමැත්තා සමඟ එක්ව එල්.ටී.ටී.ඊ. සංවිධානයට නැවත පණ දීමට ක්‍රියා කළ ප්‍රධාන සැකකරුවෙකු බව ඉන්දීය පොලිසිය පවසයි.

ඊට අමතරව මොවුන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මාෆියාවට සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී තිබේ.