මහනුවර වායු දුෂණය වැඩි වෙලා

මහනුවර වායු දුෂණය වැඩි වෙලා

මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එවැනි තත්ත්වයක් ඇතිවීමට එහි පිහිටීම සෘජුව බලපා ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.

කෙසේවෙතත් ඉන්දියාවේ සිට හමා ආ වාතයේ පැවති අහිතර තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ නිරීක්ෂණය වූ අහිතකර ස්වභාවය තවදුරටත් දක්නට ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අනිල් ජාසිංහ,

“මහනුවර නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය පහත බසින්න මේ කාලයේ ඉන්දියාවේ උප මහද්වීපයෙන් එන ප්‍රවාහය වගේම එහෙම නැති වුණත් නුවර නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය එතරම් ප්‍රශස්ථ නෑ. එකට හේතු වෙන්නේ ස්ථානීය විමෝචනය. ස්ථානීය විමෝචනය කියන්නේ ඒ ප්‍රදේශයේ වාහන ගමනාගමනය ඒ ප්‍රදේශයේ යම්කිසි කර්මාන්ත මගින් කාබන්ඩයොක්සියිඩ් ඇතුළු විමෝචනය නිසා දුවිලි අංශු ඇතිවීම. නුවර පිහිටා තිබෙන සානු වැනි තත්ත්ව නිසා මේය තවත් උද්දීපනය වෙලා, මේ නරක තත්ත්වය ඇති වෙලා තියෙනවා.” යනුවෙන්