එලෝන් මස්ක් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වෙයි

එලෝන් මස්ක් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වෙයි

ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් තමන් ඉල්ලා අස් වන බව එලෝන් මස්ක් පවසනවා.

තම නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමිනු යි ඔහු මේ බව සඳහන් කරන්නේ.

තනතුර ලබා ගැනීමට තරම් මෝඩ පුද්ගලයකු හමු වූ පසු තමන් සිය රැකියාවෙන් ඉවත් වන බව එලෝන් මස්ක් අවධාරණය කරනවා.

තනතුරෙන් ඉවත් වූ පසු, තමන් මෘදුකාංග සහ සේවාදායක කණ්ඩායම් පමණක් මෙහෙයවීට තීරණය කර ඇති බවත් එලෝන් මස්ක් පවසනවා.

මෙතෙක් ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සිටි එලෝන් මස්ක් මීට දින කිහිපයකට පෙර ලොව ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වුණා.

ඒ අනුව මස්ක් ව අභිබවා ගියේ, බර්නාර්ඩ් ආර්නෝල්ට් විසින්.

එලෝන් මස්ක් සිය ටෙස්ලා සමාගමේ කොටස් ද අවස්ථා කිහිපයක දී විකුණා දැමීමට ද කටයුතු කර තිබුණා.

https://nyti.ms/3ViKQp8