පැය 10ක විදුලි කප්පාදු කතාව බොරුවක්

පැය 10ක විදුලි කප්පාදු කතාව බොරුවක්

ගල් අඟුරු හිඟය හේතුවෙන් පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට විදුලි ඉංජිනේරු සංගමය කළ ප්‍රකාශය අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම ප්‍රකාශය සිදුකළ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් බලධාරීන්ට උපදෙස් දුන් බවය.

විදුලි උත්පාදනයට ගල්අඟුරු සපයාගැනීමේ දී පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මෙගා වොට් 300ක් පද්ධතියට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ ප්‍රකාශ කළේය.