ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අනඟි අවස්ථාවක්

LPL තරඟාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (21) සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමි වනු ඇති.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C සහ D ප්රේක්ෂකාගාරවල පහළ කොටසේ සිට නොමිලේ තරගය නැරඹීම සඳහායි ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වන්නේ.
තරඟාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

