උත්සව සමයේ විදුලි කප්පාදුව නවතී – ජනවාරියේ සිට විදුලි බිල නගී

උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව එළඹෙන 24,25,26 යන තෙදින තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදු නොවනු ඇති.
මේ අතර දෙසැම්බර් මස 31 වනදා සහ 2023 ජනවාරි මස 01 වනදා ද විදුලි කප්පාදුවක් සිදුනොවන බව අමාත්‍යවරයා පවසයි.
මේ අතර ජනවාරි මාසය තුළ ද විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් පමණක් සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළදැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා,
“අනිවාර්යයෙන්ම ගාස්තු සංශෝධනයක් සිදුවෙනවා. ඒ ගාස්තු සංශෝධනය සඳහා අවශ්‍ය නෛතික බලය ලබාදීලා තියෙනවා. නෛතික බලය වෙනුවෙන් තහවුරු කිරීම නීතිපතිවරයා විසින් ලබාදීලා තියෙනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට, විදුලිබල අමාත්‍යවරයා හැටියට මට, පනතේ තියෙන බලතල ප්‍රකාරව ඒ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන සතිය වනවිට කැබිනට් මණ්ඩලය වෙත, මම හිතන්නේ ඊළඟ කැබිනට් මණ්ඩලය තියෙන ජනවාරි මාසයේ දෙවනදා වනවිට සවිස්තරාත්මක වාර්තාව, විදුලි බිල වැඩිවිය යුත්තේ කෙසේද, වැඩිකළ යුතු ආකාරය කෙසේ ද ? මේ කියන සියලුම කරුණු ටික සවිස්තරාත්මක තොරතුරුත් එක්ක අපි කැබිනට් මණ්ඩලයට ලබාදීමටත්, ජනවාරි මාසයේ අනිවාර්යයෙන්ම අපි විදුලිබිල වැඩිකිරීමටත් කටයුතු කරනවා.” යනුවෙන්

