ලබන වසරේ සිට ප්‍රාථමික අංශයට වාර විභාග නැහැ

ලබන වසරේ සිට ප්‍රාථමික අංශය සඳහා වාර විභාග නොපවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී ඒවා වර්ෂ අවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කොළඹ අද පැවති උත්සවයකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර, පාසල් ළමුන් අතර, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගම්පහ දිස්ත්‍රීක්කයේ සියලුම පාසල්වල ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට සුපරීක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව කමිටු පිහිටුවා නොමැති පාසල්වල කඩිනමින් එම කමිටු පිහිටුවන ලෙසටයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

