ජනවාරියේ සිට විදුලි බිල SMS මගින්

ලබන ජනවාරි මාසයේ සිට මුද්‍රිත විදුලි බිල්පත් ලබා දීම නතර කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
අමාත්‍යංශය පවසන්නේ, මුද්‍රිත බිල්පත් වෙනුවට SMS පණිවුඩයක් මගින් අදාළ අය කිරීම් ගාස්තු දැනුම් දීමට පියවර ගන්නා බව ය.
එම ක්‍රමවේදය සඳහා මේ වන විට විදුලි බල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මෙය මූලික වශයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ඇත.

