සීදුවේ වෙඩි පත්තුවෙයි – අයෙක් මරුට

සීදූව කොටුගොඩ ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම පුද්ගලයා උදෑසන ආහාර ගැනීමට කොටුගොඩ ප්‍රදේශයේ යම් ස්ථානයකට පැමිණ ඇති බවත්,එහිදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ.

