ඉන්දීයාවෙන් ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 125 ක්

ඉන්දීය රජය මගින් මෙරට පොලීසියට අවශ්‍ය ජීප් රථ 125 ක් ලබාදීමේ උත්සවය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ජීප් රථ 500ක් ඉන්දීය රජයෙන් ලබාදීමේ වැඩපිලිවෙලේ මුල් අදියර ලෙස මෙය සිදු කෙරුණා. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ද එක් වුණා.



