පුටින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට සැරසෙයි

පුටින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට සැරසෙයි

යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

එය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් හරහා සිදුවිය යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

යුද්ධය කඩිනමින් අවසන් කිරිම සියල්ලන්ට යහපතක් වනු ඇති බව ද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති පුටින්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට ඔහුට කිසිදු වුවමනාවක් නොමැති බවයි.

කාලය ලබාගැනීම සඳහා ඔහු මෙවැනි ප්‍රකාශ සිදු කරන බවටයි ඇමරිකාව චෝදනා කරන්නේ.

https://reut.rs/3YEYVjT