පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 260 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

