විදුලි බිල වැඩි කරොත් හෝටල් සහ ආපනශාලා වහනවා – ආපනශාලා හිමියන්ගේ සංගමය

විදුලි බිල වැඩි කරොත් හෝටල් සහ ආපනශාලා වහනවා – ආපනශාලා හිමියන්ගේ සංගමය

ජනවාරි පළමු වනදා වනවිට විදුලි බිල වැඩි කිරිමට කටයුතු කළහොත් රට පුරා ආපණ ශාලා සහ බේකරි වසා දැමීමට කටයුතු කරන බව, ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි කැඳවුම්කරු අසේල සම්පත් මේ බව සඳහන් කළේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මේ අතර, සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය ද සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීම තුළින් වෘත්තිය කරගෙන යාමට දැඩි බාධා එල්ල වන බවයි.

ඔවුන් කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළහොත් එදින සිට සියලුම හෝටල් සහ ආපනශාලා වසා දැමිමට පියවර ගන්නා බවයි.