දරුවන් මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරගන්න ළදරු අවධියේ සිට දැනුවත් කළ යුතුයි

මෙරට දරු පරපුර මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම සඳහා ළදරු අවධියේ සිටම ඔවුන්ව දැනුවත් කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙර පාසල් ගුරු සංගමය ඊයේ හෝමාගම ප්‍රදේශයේ සංවිධාන කළ විශේෂ උත්සවයකට එක්වෙමින්.
මේ අතර බස්නාහිර පළාතේ පාසල් 223 ක ගුරුවරුන් සඳහා පැවැත්වූ මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු වැඩමුළුවේ සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවයට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.
ඊට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ පාසල් බෑග් පරීක්ෂා කිරීමෙන් පමණක් දරුවන් මත්උවදුරෙන් බේරා ගත නොහැකි බවයි.
එම නිසා ගුරුවරුන් දරුවන් සමීපයේ සිට උපදෙස් ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

