ආක්ටික් හිම කුණාටුවෙන් ඇමරිකාවට දැඩි බලපෑම්

දරුණු ආක්ටික් හිම කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් එරට වැසියන් ලක්ෂ 15කට විදුලිය ඇණහිට ඇති බවයි.
හිම කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ හා කැනඩාවේ මිලියන 200 ක පමණ ජනතාවට හදිසි ආපදා ඇතිවිය හැකි බවට ද අනතුරු අඟවා ඇති අතර වසරේ කාර්යබහුලම සංචාරක සමය වන දෙසැම්බර් මාසයේ ඇති වී ඇති මෙම අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් දහස් ගණනක් ද අවලංගු කර තිබේ.
මේ අතර එරට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ද වාර්තාගත ලෙස අඩුවී ඇති බවත්, තවත් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 57ක අගයක් ගනු ඇති බවත් විදෙස් වාර්තා වල සඳහන් ය.

