මෙවර නත්තල් පණිවිඩය චාල්ස් රජුගෙන්

මහ රැජිනගේ අභාවයෙන් පසු, කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු පළමු වරට නත්තල් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
මෙවර නත්තල් පණිවුඩය ඉදිරිපත් කරමින්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල් රජු සිය මෑණියන් වූ දෙවැනි එලිසබත් මහ රැජින ද සිහිපත් කළේය.
74 හැවිරිදි තෙවැනි චාල්ස් රජු, නත්තල් පණිවුඩය ඉදිරිපත් කළේ වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ සිටය. එය කල්තියා පටිගත කරන ලද්දක් වූ අතර, බකිංහැම් මාලිගය නත්තලට පෙර දිනයේ එය මාධ්‍ය වෙත ලබා දී තිබුණි.
මේ අතර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී, දෙවැනි එලිසබත් මවු රැජින සිහිපත් කරමින් විශේෂ නත්තල් කැරොල් විශේෂ වැඩසටහනක් පැවැත්විණි.
තෙවැනි චාලස් රජුගේ පුතු විලියම් කුමරු, බිරිඳ කේට් මිඩ්ල්ටන් හෙවත් වේල්සයේ කුමරිය සහ ඔවුන්ගේ දරු දැරියන් ද ඇතුළු රජ පවුලේ සෙසු සාමාජිකයන් ද නත්තල් කැරොල් ගායනා කළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.



