නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පසුබෑමක්

නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පසුබෑමක්

නොවැම්බර් මාසයේ නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 21.6 කින් පහළ ගොස් ඇති බවයි.

ඒ, නිෂ්පාදන කර්මාන්තයන්හි ප්‍රධාන උප කාණ්ඩ වන පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන, රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන පහළ යෑම හේතුවෙන්.

එම අගයන් පිළිවෙලින් සියයට 97.9 ක් සහ සියයට 31 ක්.