බිත්තර ගිය උඩ

බිත්තර මිල අඩු වුවහොත් පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල ගණන් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන කියා සිටියේ, ඊයේ (25) වන විට බිත්තරයක තොග මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර වෙළඳපොළ තුළ මතුව ඇති උග්‍ර බිත්තර හිඟයත් සමඟ මෙවර උත්සව සමයේ කේක් සඳහා පවතින ඉල්ලුම සපුරාලීමට බේකරි හිමියන්ට නොහැකි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ උත්සව සමයේ ප්‍රධානතම බේකරි නිෂ්පාදනය වූ කේක් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙන බිත්තර මේ වනවිට තොග ලෙස හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

