රාජ්‍ය සේවකයින් 30,000ක් මේ වසර අගදී සේවයට සමුදෙයි

රාජ්‍ය සේවකයින් 30,000ක් මේ වසර අගදී සේවයට සමුදෙයි

මේ වසර අගදී රාජ්‍ය සේවකයින් 30,000ක් විශ්‍රාම යාමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය වසරේ හා මේ වසරේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් පිරිසක් එලෙස විශ්‍රාම යාමට නියමිත බවයි.

රාජ්‍ය සේවකයින් තුලනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇතැයිද ඔහු පැවසුවේ ය.