හිටපු ජනාධිපතිවරයෙක්ට සිර දඬුවමක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට එරට අපරාධ අධිකරණය විසින් වසර 11ක සිරදඬුවමක් නියම කරනු ලැබ තිබෙනවා.
මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහි ව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුව යි ඔහුට එම තීන්දුව ලැබී ඇත්තේ.
සිර දඬුවමට අමතරව යමීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කෙරුණු බව සඳහන්.
කෙසේ නමුත් යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.

