ගෝඨාභය ලංකාවෙන් යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (26) පෙරවරුවේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ, පුතු; මනෝජ් රාජපක්ෂ, ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ සහ මුණුපුරා ද සමඟයි.
ප්‍රථමයෙන් ඩුබායි රාජ්‍යය වෙත ගොස්, එහිදී අමරිකාව බලා පිටත්ව යාමටයි සැලසුම් තිබී ඇත්තේ. එහෙත් හිටපු ජනාධිපතිවරයා ඇමරිකාව බලා යාමේ තීරණය වෙනස් කළ බවත්, ඩුබායි රාජ්‍යයේම රැඳී සිටින බවයි. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස මෙරටින් බැහැරව ගොස් ඇත්තේ නිවාඩුවක් සඳහා බවත් වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

