රාජ්‍ය නොවන සංවිධාන 05ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවයි

රාජ්‍ය නොවන සංවිධාන 05ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවයි

රාජ්‍ය නොවන සංවිධාන 05 ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.

ඒ එරට තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීමට එරෙහිව පැනවූ තහනමෙන් අනතුරුවයි.

සේව් ද චිල්ඩ්රන් ආයතනය, නෝවේජියානු සරණාගත කවුන්සිලය, කෙයාර් ඉන්ටර්නැශනල් සහ ජාත්‍යන්තර මුදාගැනීමේ කමිටුව මෙලෙස ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටවූ රාජ්‍ය නොවන නොවන ආයතන අතරට ඇතළත්.

රාජ්‍ය නොවන සංවිධානවල රැකියාව කරන ඇෆ්ගන් කාන්තාවන් හිජාබය නොපැළදීම නිසා තලෙයිබාන් පාලනය මෙම තහනම පනවනු ලැබුවා.

https://bit.ly/3FXqjAQ