ද්විත්ව පුරවැසිකම ගන්න ඉල්ලන පිරිස වැඩිවෙලා

ද්විත්ව පුරවැසිකම ගන්න ඉල්ලන පිරිස වැඩිවෙලා

2021 වසරේ දී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත්‍ර යොමු කර ඇති බව වාර්තා වනවා.

එයින් වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ වාසය කරන අය වන බව යි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම ගණන 1,621ක්.

එක්සත් රාජධානියෙන් 885 දෙනෙක්, අමෙරිකාවෙන් 795 දෙනෙක්, කැනඩාවෙන් 371 දෙනෙක් ඇතුළු ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ද ද්විත්ව පුරවැසිභාවය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ පිරිසට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව යි සඳහන් වන්නේ.

COMMENTS