100වැනි තරඟයට වෝනර්ගෙන් ශතකයක්

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ඔහුගේ සිය වැනි ටෙස්ට් තරඟයේදී ශතකයක් රැස් කර තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ව මෙල්බර්න් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දී.
තම 100 වැනි ටෙස්ට් තරඟයේ දී ශතකයක් රැස් කිරීමට සමත් වූ 10 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඩේවිඩ් වෝනර් වාර්තා අතරට එක් වනු ඇති.

