අපිව පාරට බස්සව ගන්න හදන්න එපා – ඇල්ලේ ගුණවංශ හිමියන්

මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා,අපිද රට පාලනය කළේ ? හැබෙයි මේ රටේ හැමදාම දිනන ගිහි පිරිසකුයි, භික්ෂු පිරිසකුයි ඉන්නවා. හැමදාම දිනනවා. අපි හැමදාම පරදිනවා යනුවෙන් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
ඇල්ලේ ගුණවංශ හිමියන් මෙසේ පැවසුවේ කෝට්ටේ නාග විහාරයේ පැවැති උත්සවයකදීය. එම අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන සහභාගී වී සිටියහ.
ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩි දුරටත් දැක්වූ අදහස්,
දේශපාලනඥයින්ට හැමදේම භාරදීපු එකේ විපාක අපි අද විඳිනවා. මේ දවස්වල තරම් අපේ රටේ ජනතාව දුක් විදින යුගයක් අපි අහලා නැහැ, කවුද මේ රට පාලනය කළේ අපිද? මේ පක්ෂ දෙකක්. දැන් මට වටින් ගොඩින් ආරංචි වෙනවා උතුර නැගෙනහිර ගැන විවිධ අදහස් ඇහෙනවා. මිනිස්සුන්ට ජිවත් වෙන්න බැරිව කල්පනාකරමින් ඉන්න අවස්ථාවක තව ජාතික ප්‍රශ්නත් උග්‍ර විදිහට ඇති කරලා ඒ කටයුත්ත කරන්න ලෑස්ති වෙන්න එපා මේ ආණ්ඩුව. දේශපාලන පක්ෂවලටයි උතුර නැගෙනහිර ප්‍රශ්නයක් තියෙන්නේ, ජනතාවට නෙවෙයි.
අපේ පන්සල්වල විදුලි බිල මට 48,000ක විදුලි බිලක් ආවා. මම අගමැතිතුමාගෙන් එක ප්‍රශ්නයක් අහනවා මේ රටට සංචාරකයෝ එන්නේ මොකටද? අපේ වෙහෙර විහාර, අපේ චිත්‍ර, අපේ නටබුන්, අපේ පන්සල්, අපේ සංස්කෘතිය, අපේ ශිෂ්ටාචාරය බලන්න. මේ රටට වැඩියෙන් සල්ලි ලැබෙන්නේ කවුරු නිසාද? අපි නිසා. පන්සල් ටික නිසා හැබෙයි ආණ්ඩුවට ඒක මතක නැහැ, අද අපේ පන්සල්වල විදුලිය දාන්න බැහැ, මගේ පන්සලේ මහා අව්කන බුද්ධ ප්‍රතිමා වහන්සේ කළුවරේ, ගෙවන්න පුළුවන්ද ඒ මුදල ? අති පණ්ඩිත ගොන් ඇමතිවරු බොහෝම උද්ධච්ච අහංකාර විදිහට කතා කරනවා මම දැකලා තියෙනවා. ඒ ගොල්ලන් ජීවිතේට පන්සල්වලට යන අය නෙවෙයි. මුහුදේ යනවනම් දැකලා තියෙනවා. බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරනවා කියලා අපේ පන්සල්වල විදුලියත් කපලානම්, විදුලිය ගෙවා ගන්න බැරි නම් කොහොමද සුරක්ෂිත වෙන්නේ.
අපහසුයි තමයි මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. අපිද රට පාලනය කළේ ? හැබෙයි මේ රටේ හැමදාම දිනන ගිහි පිරිසකුයි, භික්ෂු පිරිසකුයි ඉන්නවා. හැමදාම දිනනවා. අපි හැමදාම පරදිනවා, ඇයි මේ කතා කරනවානේ, ඒකට කමක් නැහැ, අපි පැරදුනාට, පරද්ද ගන්න විදිහට වැඩ කරවා ගන්න එපා කියලා මේ ආණ්ඩුවට කියන්න ඕනේ, අපි තවම නැගිට්ටේ නැහැ, නැගිට්ටව ගන්න එපා, අපිව පාරට බස්සව ගන්න හදන්න එපා, යනුවෙන්

