කොළඹ හා ගම්පහ ස්ථාන 20 ක දී රුපියල් 55ට බිත්තර

රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමේ විශේෂ වැඩසටහනක් අද (28) ආරම්භ වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, පළමු අදියරේදී කොළඹ හා ගම්පහ ස්ථාන 20 ක දී එම වැඩසටහන ක්‍රියාත්මක බවයි.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ටොරින්ටන් මංසන්ධිය සහ හෝමාගමදී කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් 55 ට බිත්තර අලෙවි කිරීම සිදුවේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 55 ට බිත්තර අලෙවි කරන ස්ථාන වන්නේ, වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරයි.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් සමඟ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

