අනුරාධපුර – වව්නියා දුම්රිය ගමන් නැවතෙයි

අනුරාධපුර –  වව්නියා දුම්රිය ගමන් නැවතෙයි

ලබන වසරේ ජනවාරි සිට මාස 5ක කාලයක් අනුරාධපුර සහ වව්නියාව අතර දුම්රිය ධාවනය නො වන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය නවතා දැමෙන අතර, අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගීන් ශ්‍රී ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, උතුර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවලින් පසු ව එහි ආසන වෙන් කර ගැනීමේ කාලය සංශෝධනය කරන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.පොල්වත්තගේ පවසනවා.