වසර දෙකකට පසු මගී ගුවන් යානයක් මත්තලට

වසර දෙකකට පසු මගී ගුවන් යානයක් මත්තලට

වසර දෙකකට පසු අද (29) පෙරවරුවේ පළමු මගී ගුවන් යානය මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට පැමිණියා.

මඟීන් 400කට ආසන්න පිරිසක් සමග රෙඩ් වින්ග්ස් ගුවන් සමාගමට අයත් බොයිං 777 – 200 වර්ගයේ ගුවන් යානයක් රුසියාවේ සිටයි මෙලෙස පැමිණ ඇත්තේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ රෙඩ් වින්ග්ස් ගුවන් සමාගම විසින් ලබන වසරේ සිට සතියකට නව ගුවන් වාර දෙක බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය ඉදිරියේ දී ගුවන් වාර 3ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි.