ගුවන් මගීන්ට පහසුවක්

ගුවන් මගීන්ට පහසුවක්

ගුවන් ගමනකදී සම්පූර්ණ කළයුතු ,පැමිණිමේ සහ පිටවීමේ කාඩ්පත, මාර්ගගත ක්‍රමයට සිදුකිරීම සඳහා ලබන ජනවාරි මස 01 වනදා සිට අවස්ථාව හිමිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා මෙරටින් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට එම කාඩ්පත් සම්පූර්ණ කිරීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකිරීමේ හැකියාව පවතින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

යම් පුද්ගලයෙක් ගුවන් ගතවිමට නියමිත දිනට දින 03කට පෙර සිට එම කාඩ්පත පිරවීමට අදාළ පහසුකම් ලබාගත හැකිය.

COMMENTS