හොරට රට යන්න හදන අය අල්ලන්න අලුත් වැඩක්

හොරට රට යන්න හදන අය අල්ලන්න අලුත් වැඩක්

ව්‍යාජ තොරුතුරු ඉදිරිපත් කර විදෙස්ගත වන පුද්ගලයන් හඳුනා ගැනීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධව ය.

මේ ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළේ, විදෙස්ගත වන පුද්ගලයන් සම්බන්ධව තහවුරු කරගත යුතු ජාතික හැඳුනුම්පතේ දත්ත පිළිබඳව සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට සහ විදෙස්ගත වන පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන දේශීය සුබසාධන වැඩසටහන් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමත් මෙහි අරමුණ බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, විදෙස්ගත වන පුද්ගලයන් සම්බන්ධව ඇතිවන නීතිමය කරුණු පැන නැගුණ විට ද නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව මේ ඔස්සේ නිර්මාණය වන බවයි.

COMMENTS