ජනතාවගේ ජනවරම එක්ක සූදු කෙළින්න ලෑස්තිවෙන්න එපා – අනුර දිසානායක

මේ රටේ ජනතාවගේ ජනවරම, ජන මතය එක්ක සූදු කෙළින්න, ගේම් ගහන්න සූදානම් වෙන්න එපා යැයි ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මෙම අදහස් දැක්වූයේ ඊයේ (30) දින ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුව අමතමින් ය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,
“පළාත් පාලන අලුත් ආයතන 2022 මාර්තු 20 වන විට පිහිටුවිය යුතුව තිබුණා. නමුත් ඇමතිවරයාට පැවරී තිබෙන බලතල උපයෝගී කරගෙන ආයතනවල කාලය තවත් අවුරුද්දකින් දීර්ඝ කළා. මේ පවතින පළාත් පාලන ආයතනවල වලංගු කාලය අවුරුදු 04ක් වුණත් දැන් අවුරුදු 05ක් සම්පූර්ණ වී තිබෙනවා. මේ නිසා ජනතාවට තමන්ගේ නියෝජිතයන් පළාත් පාලන ආයතනවලට පත්කර ගැනීමේ අවස්ථාව නොදී කල් දාන්න විවිධ උපක්‍රම ආණ්ඩුවෙන් අනුගමනය කරමින් සිටිනවා. පවතින ආණ්ඩුව බලයට පත්වුණේ අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත්කරනවා කියන සටන් පාඨය එක්ක. නමුත් ජනතාව අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ පලවා හැරියා. ඒ නිසා එදා ජනවරම මේ පාර්ලිමේන්තුවෙන් නියෝජනය කරන්නේ නැහැ.
මේ රටේ ජනතාවගේ ජනවරම, ජන මතය එක්ක සූදු කෙළින්න, ගේම් ගහන්න සූදානම් වෙන්න එපා කියලා ආණ්ඩුවට අවධාරණය කරනවා. මැතිවරණය කල් දැමීමට මෙතෙක් දැරූ සියලු ප්රයත්න පරාජය කර තිබෙනවා වගේම නාමයෝජනා කැඳවීමෙන් පස්සේ එවැනි දේකට සූදානම් වුණොත් අනිවාර්යයෙන්ම පරාජය කරනවා. පැරණී සාම්ප්‍රදායික විනාශකාරී කඳවුරුවලින් අපේ රටට කළ හැකි සියලුම විනාශයන් සිදුකර අවසන්. ඒ නිසා නව පාලනයකට අවශ්‍ය දොරටු විවෘත කරන පළමු පිම්ම පනින්න ජනතාව පෙළ ගැසෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මැතිවරණය දිනා ගැනීම වෙනුවෙන් අපි සියලු කටයුතු සිදුකරනවා” යනුවෙන්

