“ටෙස්ලා” වාර්තාගත අලෙවියක්

“ටෙස්ලා” සමාගම ඉකුත් වසරේ දී මෝටර් රථ මිලියන 1.3ක වාර්තාගත සංඛ්‍යාවක් වෙළෙඳපොළ වෙත නිකුත් කළ බව, එම සමාගම පවසනවා. එය, 2021 වසරට වඩා 40% ක වැඩි වීමක් බවයි, සමාගම නිවේදනය කර ඇත්තේ.
2022 වසරේ අවසන් මාස 3 තුළ “ටෙස්ලා” සමාගම මෝටර් රථ 405,000 කට වැඩි ප්‍රමාණයක් බෙදා හැර තිබෙනවා. කෙසේ වුවද, ගෝලීය ආර්ථික අවපාතය සහ පොලී අනුපාත ඉහළ යාම වැනි හේතු නිසා මේ වසරේ මෝටර් රථ කර්මාන්තය පහළ යනු ඇති බවයි, වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
https://abcnews.go.com/Technology/wireStory/tesla-sold-record-13-million-vehicles-year-96086253

