ලාෆ් ගෑස් මිල බස්සයි

ලාෆ් ගෑස් මිල බස්සයි

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (06) සිට රුපියල් 220කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 5,080ක්.

කිලෝග්‍රෑම් පහේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 88කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 2,032ක්.